AFC Banner
Empty Ad
Empty Ad

ඇඟලුම් සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව 08ක් රෝහලේ

ඊයේ (20) රාත්‍රී 07.00ට පමණ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ගාල්ල, ගල්ලන්දල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 08 දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොට්ටව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවකන් පිරිසක් කොට්ටව සිට තවලම දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි උඩුගම පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?