එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නේවාසික පුහුණු කඳවුරක් ඊයේ (18) ආරම්භ කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම නානුඔය – රදැල්ල ක්‍රීඩාංගණයේ දී මෙම පුහුණු කඳවුර ආරම්භ කළ අතර, ලබන 23 වනදා දක්වා මෙම පුහුණු කඳවුර පැවැත්වීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ.
දඹුල්ල ක්‍රීඩා සමාජය යත්තේ පාලනය වන මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර, ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ භාර නිලධාරි ගොඩ්ෆ්‍රි දාබරේරාගේ
අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
මුහුදු මට්ටමේ සිට අඩි 4200 ඉහළින් පිහිටි මෙම ක්‍රීඩාංගණයේ, නවසීලන්තයේ දේශගුණ තත්ත්වයන්ට සහ තණතීරු වලට සමානකමක් පවතිනවා.



























It would be happened befor t20 wcc Aus 2022