AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් මරුට

පූනෑව මහකුඹුක්ගොල්ලෑව හංදියේ සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස ඇය මව සමග එම ස්ථානයේ සිටියදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල දැරිය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ මව මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

A 09 මාර්ගයේ මැදවච්චිය සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ සහ දියණිය ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා ද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (18) සවස 2.30ට පමණ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ පූනෑව ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මහාකුඹුක්ගොල්ලෑව පදිංචි දැරියක්. බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇයගේ මව වන 47 හැවිරිදි කාන්තාවක්.

මියගිය දැරිය ඇගේ මව සමග උපකාරක පන්තියට සහභාගි වීම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් මහාකුඹුක්ගොල්ලෑව හංදියේ මාර්ගය අයිනේ සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේ මැදවච්චිය ප්‍රදේශයේ සිට වව්නියාව දෙස බලා ගමන් කළ මෝටර් රථයක් මාර්ගය අයිනේ සිටි මව සහ දියණිය යටකරගෙන මීටර් දහයක් පමණ දුරකට ඇදී නතර වී ඇතැයි සඳහන්.

දැරියගේ සිරුර මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතවයි.

පූනෑව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?