රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් මරුට

පූනෑව මහකුඹුක්ගොල්ලෑව හංදියේ සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස ඇය මව සමග එම ස්ථානයේ සිටියදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල දැරිය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ මව මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

A 09 මාර්ගයේ මැදවච්චිය සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ සහ දියණිය ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා ද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (18) සවස 2.30ට පමණ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ පූනෑව ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මහාකුඹුක්ගොල්ලෑව පදිංචි දැරියක්. බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇයගේ මව වන 47 හැවිරිදි කාන්තාවක්.

මියගිය දැරිය ඇගේ මව සමග උපකාරක පන්තියට සහභාගි වීම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් මහාකුඹුක්ගොල්ලෑව හංදියේ මාර්ගය අයිනේ සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේ මැදවච්චිය ප්‍රදේශයේ සිට වව්නියාව දෙස බලා ගමන් කළ මෝටර් රථයක් මාර්ගය අයිනේ සිටි මව සහ දියණිය යටකරගෙන මීටර් දහයක් පමණ දුරකට ඇදී නතර වී ඇතැයි සඳහන්.

දැරියගේ සිරුර මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතවයි.

පූනෑව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42