AFC Banner
Empty Ad
Empty Ad

හබරණ ප්‍රසංගයට අධිකරණයෙන් නියෝගයක්

හබරණ අලි කොරිඩෝවට යාබදව අද (17) සිට ලබන 20 දක්වා පැවැත්වෙන 𝙳𝚎ep jungle music and cultural festival එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් අද දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම නඩුකරයේ දී පහත සඳහන් නියෝග පොලිසිය හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.

එහිදී Deep Jungle Music and Cultural Festival යන සංගීත ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවට සහ එකී චක‍්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙස පොලිසියට නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ සමගම සංගීත ප‍්‍රසංගය එම පරිශ‍්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතුයි.

ඉහත කී 2031/2007 පොලිස්පති චක‍්‍රලේඛය උල්ලංඝනය වීමක් සිදුකළ හොත් එකිනෙහිම අදාළ ශබ්ද උපකරණ අත්අඩංගුවට ගෙන 2031/2007 චක‍්‍රලේඛයෙන් දැක්වෙන පරිදි කටයුුුතු කරන ලෙස හබරණ පොලිසියට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය යි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ.

𝚁𝙰𝚁𝙴 සංවිධානය වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (𝚆𝙽𝙿𝚂) ලක් සොබා සුරකින්නෝ(LNC) හා පරිසර යුක්ති කේන්ද්‍රය (𝙲𝙴𝙹) මෙම නඩුව ගොනු කර තිබුණා.

පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මෙම ප්‍රසංගය හේතුවෙන් වන සතුන්ට මෙන්ම පරිසරයට ඇතිවිය හැකි හානිකර තත්වය වලක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?