හබරණ ප්‍රසංගයට අධිකරණයෙන් නියෝගයක්

හබරණ අලි කොරිඩෝවට යාබදව අද (17) සිට ලබන 20 දක්වා පැවැත්වෙන 𝙳𝚎ep jungle music and cultural festival එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් අද දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම නඩුකරයේ දී පහත සඳහන් නියෝග පොලිසිය හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.

එහිදී Deep Jungle Music and Cultural Festival යන සංගීත ප‍්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක‍්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවට සහ එකී චක‍්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙස පොලිසියට නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ සමගම සංගීත ප‍්‍රසංගය එම පරිශ‍්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතුයි.

ඉහත කී 2031/2007 පොලිස්පති චක‍්‍රලේඛය උල්ලංඝනය වීමක් සිදුකළ හොත් එකිනෙහිම අදාළ ශබ්ද උපකරණ අත්අඩංගුවට ගෙන 2031/2007 චක‍්‍රලේඛයෙන් දැක්වෙන පරිදි කටයුුුතු කරන ලෙස හබරණ පොලිසියට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය යි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇත්තේ.

𝚁𝙰𝚁𝙴 සංවිධානය වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (𝚆𝙽𝙿𝚂) ලක් සොබා සුරකින්නෝ(LNC) හා පරිසර යුක්ති කේන්ද්‍රය (𝙲𝙴𝙹) මෙම නඩුව ගොනු කර තිබුණා.

පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මෙම ප්‍රසංගය හේතුවෙන් වන සතුන්ට මෙන්ම පරිසරයට ඇතිවිය හැකි හානිකර තත්වය වලක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01