උද්ධමනය අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කරනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම හේතුවෙන් සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇති බවත්, එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

එසේම වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොළියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළා.

ගොවිතැන් කටයුතුවල ගොවි යෙදවුම් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා වී කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී අති අතර, වගා කටයුතු සඳහා ගොවීන් බැංකු වලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහල පොළියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කර සිටියා.

මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර, රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද සහල් මෝල් හිමියන් ඉල්ලා සිටියා.

මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවීන්ට ද ලබාදිය හැකි සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර වී නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සහල් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත් කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27