වී සඳහා වැඩි මිලක් ඉල්ලයි (වීඩියෝ)

වී කිලෝවක් සඳහා ගොවීන්ට අවම වශයෙන් රුපියල් 120ක මුදලක් ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 100ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම වී කිලෝවක් රුපියල් 140කට වැඩි විය යුතු බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් මෙවර අස්වැන්න මෙම මිල ගණන් යටතේ මිලදී ගෙන ඉදිරි කන්නයේදී වැඩි මිලක් ලබාදීම වෙනුවෙන් එකඟතාවකට එළඹි බව ද ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළා.

වී කිලෝවකට ගොවීන්ට රුපියල් 140ක පමණ මුදලක් ලැබිය යුතු අතර එසේ වුවහොත් සහල් කිලෝවක් රුපියල් 280ක් පමණ වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

වී වලට වැඩි මිලක් නොලැබෙන්නේ නම් ගොවීන් ගොවිතැන අත්හරිනු ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=zM8HgsUQe0w


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39