spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වී සඳහා වැඩි මිලක් ඉල්ලයි (වීඩියෝ)

වී කිලෝවක් සඳහා ගොවීන්ට අවම වශයෙන් රුපියල් 120ක මුදලක් ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 100ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම වී කිලෝවක් රුපියල් 140කට වැඩි විය යුතු බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් මෙවර අස්වැන්න මෙම මිල ගණන් යටතේ මිලදී ගෙන ඉදිරි කන්නයේදී වැඩි මිලක් ලබාදීම වෙනුවෙන් එකඟතාවකට එළඹි බව ද ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළා.

වී කිලෝවකට ගොවීන්ට රුපියල් 140ක පමණ මුදලක් ලැබිය යුතු අතර එසේ වුවහොත් සහල් කිලෝවක් රුපියල් 280ක් පමණ වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

වී වලට වැඩි මිලක් නොලැබෙන්නේ නම් ගොවීන් ගොවිතැන අත්හරිනු ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=zM8HgsUQe0w
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?