වහාම ක්‍රියාත්මක පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු ලබාදී තිබෙනවා.
ඒ ,මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දැනුම් දීමකට අනුව පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු 02කට සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 03 කට මෙම ස්ථානමාරු ලබාදීම සිදුකර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති යු පී ඒ ඩී කේ පී කරුණානායක මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා මාරු කරනු ලැබුවා.
නියෝජ්‍ය පොලිස්පති ජී අයි ඩී ආර් විජේසිංහ මහතා මාරු කරනු ලැබුවේ බස්නාහිර පළාත බාර රථවාහන දිසාව භාර තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව භාර දක්වායි.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එල් ඒ යූ සරත් කුමාර මහතා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා මාරු කෙරුණා.
සෙසු නිලධාරීන්ට ලබාදුන් ස්ථාන නව මාරු පහතින් වේ.













