අනුරපුරට නොයා පොල්ලක් තිබ්බා ද ? – නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරිගෙන් උත්තර

අද (15) උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර රැස්වීම හදිසියේ වලංගු කළ පුවතක් මීට පෙර අප වාර්තා කළා..

එලෙස පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්වීම දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා විසින් අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ හේතුවෙන් රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ට රස්තියාදු වී ආපසු හැරී යෑමටයි අද උදෑසන ඔවුන්ට සිදුවුණේ.

එලෙස අපහසුතාවයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයාට දැඩි විරෝධයක් ද එල්ල කර සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් විමසීමක් කළා.

එහිදී මහ ලේකම්වරයා සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් මෙම රැස්වීමට කඩාකප්පල් කිරීමට සූදානමින් සිටින බවට සංවිධායකවරුන් කිහිප දෙනෙකුගෙන් තමන් වෙත ඊයේ (14) දිනයේ තොරතුරු ලැබුණු බවයි.

ඒ අනුව අද (15) දිනට පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම තාවකාලිකව නැවැත්වීමේ යෝජනාවක් එහිදී එම සංවිධානකවරුන් තමන් වෙත ඉදිරිපත් කළ බව මහ ලේකම්වරයා පවසා සිටියා.

ඔවුන්ගේ එම යෝජනාව සහ ඉල්ලම් සැළකිල්ලට ගෙන එම රැස්වීමට නොපැවැත්වීමට එහිදී තීරණය කළ බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අප සමඟ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58