AFC Banner
Empty Ad
Empty Ad

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දරගේ ප්‍රධානතයෙන් ඊයේ (14) පැවැත් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති එම සාකච්ඡාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව සිටියා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කර ඇති නවතම චක්‍රලේකනය සම්බන්ධයෙන් එම පැමිණ සිටි පිරිසට කරුණු පැහැදිලි කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී කටයුතු කරනු ලැබුවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී ගබඩා කළ හැකි ඉඩ ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී අනාවරණය වූ කරුණු අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී මෙට්‍රික් ටොන් හතලිස්දහසක් පමණ ගබඩා කොට තබා ගැනීමේ පහසුකම් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අතරින් එම සාකච්ඡාවට පැමිණ සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව වී මෙට්‍රික් ටොන් විසිදෙදසහක් පමණ ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය පහසුකම් පවතින බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?