බීමත් වෑන් රථ රියදුරා හිතා මතා කළ අපරාධය

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයෙ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ පිහිටි තුරු සෙවන නැමති ස්ථානයේ දී මෝටර් රථයක් ඊයේ (13) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

පසුව මෝටර් රථ කාර්මිකයෙකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමඟ මෝටර් රථයේ පිලිසකර කිරීමට එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ තවත් කුඩා දරුවෙක් ඒ අසල සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටින අතර තුර, ඒ මොහොතේ බීමතින් වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඔවුන් සමඟ බහින් බස්වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බහින් බස්වීම දුරදිග ගිය පසු වෑන් රථයේ රියදුරා මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන මෝටර් රථය අසල සිටි පිරිස යට කරගෙන එය ධාවනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් මෝටර් රථ කාර්මිකයා මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තුවාල ලැබූ අනෙක් සිව්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

අනතුර සිදුකළ බීමත්ව සිටි වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර රියදුරා අද (14) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?