බීමත් වෑන් රථ රියදුරා හිතා මතා කළ අපරාධය

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයෙ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ පිහිටි තුරු සෙවන නැමති ස්ථානයේ දී මෝටර් රථයක් ඊයේ (13) රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

පසුව මෝටර් රථ කාර්මිකයෙකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමඟ මෝටර් රථයේ පිලිසකර කිරීමට එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ තවත් කුඩා දරුවෙක් ඒ අසල සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටින අතර තුර, ඒ මොහොතේ බීමතින් වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඔවුන් සමඟ බහින් බස්වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බහින් බස්වීම දුරදිග ගිය පසු වෑන් රථයේ රියදුරා මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන මෝටර් රථය අසල සිටි පිරිස යට කරගෙන එය ධාවනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් මෝටර් රථ කාර්මිකයා මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

බරපතල තුවාල ලැබූ අනෙක් සිව්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

අනතුර සිදුකළ බීමත්ව සිටි වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර රියදුරා අද (14) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56