භූමිකම්පාවෙන් පසු තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128ක් සුන්බුන් අතර සිරවී සිටි මාස 02ක බිළිඳෙකු බේරාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම් (12) ඊයේ සමත්ව තිබෙනවා.
බිළිඳා මුදාගැනීමෙන් අනතුරුව නාවා පිරිසිදුකර ආහාර ලබාදීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානයට යොමුව තිබීම විශේෂත්වයක්.
මෙලෙස සුන්බුන් අතර සිරව සිටි කුඩා දරුවන් කිහිප දෙනෙක්ම ආරක්ෂිත ලෙස මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් මුදාගත් අයුරු පසුගිය සතිය තුළදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එලෙස සාර්ථකව බේරාගත් අය අතර අවුරුදු දෙකක ගැහැණු දරුවෙකු, මාස 06ක ගැබිණියක්, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බවයි බලධාරීන සඳහන් කළේ.
තුර්කියට සහ සිරියාව බලපෑ මෙම භූමිකම්පාවෙන් මේ වනවිට දෙරටේම පුද්ගලයින් 34,000කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
















THOUGH HE IS AN INFANT YOU ALL SEE THE THOUGH DETERMINATION AND HOPE ON HIS FACE. SEE THE BIG EYES WITH SHARP STAIRING TO THE WORLD. HE HAS A BIG QUESTION ABOUT THE WORLD LOOKING AT HIM.