අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුලු 18 දෙනාට ඇප

යාපනයේ පැවති ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට බාධාකාරි ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන් ඇතුලු 18 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වු ජාතික නිදහස් දින සැමරුමට බාධා වන ආකාරයෙන් විරෝධතා පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝග ලබාගෙන තිබු අවස්ථාවේ විරෝධතා පැවත්වීමේ චෝදනා මත සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජෙන්ද්‍රන් ඇතුලු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අදාළ පිරිස යාපනය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (11) රාත්‍රියේ ඉදිරිපත් කළ අවස්ථාවේ අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වන ශරීර ඇප මත නිදහස් කළ බව යාපනය පොලිසිය සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් ජාතික නිදහස් දින යාපනය වැඩසටහන පැවැත්වු අතර, අදාළ වැඩසටහනට බාධාකාරි ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජෙන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

දෙමළ ජනතාව වෙත සාධාරණය ඉටුකර දෙන ලෙසට හා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලමිනුයි මෙම පිරිස විරෝධතාවයේ නිරත වූයේ.

අදාළ විරෝධතාවය යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට ආරම්භ කළ අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ.

අදාළ විරෝධතාවය අධිකරණ නියෝග නොතකා පවත්වා තිබු අතර එම අවස්ථාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14