spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුලු 18 දෙනාට ඇප

යාපනයේ පැවති ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට බාධාකාරි ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන් ඇතුලු 18 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වු ජාතික නිදහස් දින සැමරුමට බාධා වන ආකාරයෙන් විරෝධතා පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝග ලබාගෙන තිබු අවස්ථාවේ විරෝධතා පැවත්වීමේ චෝදනා මත සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජෙන්ද්‍රන් ඇතුලු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අදාළ පිරිස යාපනය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (11) රාත්‍රියේ ඉදිරිපත් කළ අවස්ථාවේ අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වන ශරීර ඇප මත නිදහස් කළ බව යාපනය පොලිසිය සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් ජාතික නිදහස් දින යාපනය වැඩසටහන පැවැත්වු අතර, අදාළ වැඩසටහනට බාධාකාරි ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජෙන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

දෙමළ ජනතාව වෙත සාධාරණය ඉටුකර දෙන ලෙසට හා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලමිනුයි මෙම පිරිස විරෝධතාවයේ නිරත වූයේ.

අදාළ විරෝධතාවය යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට ආරම්භ කළ අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ.

අදාළ විරෝධතාවය අධිකරණ නියෝග නොතකා පවත්වා තිබු අතර එම අවස්ථාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?