ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් රළ පහරේ තරමක ඉහළ යාමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවටයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35