දුම්රියේ ගැටලු සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

දුම්රිය දෙපාර්මේන්තු පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් අනුමැතිය ලැබී තිබෙන පරිදි බහු කාර්ය බලකායෙන් 3000ක පිරිසක් දුම්රිය සේවයට ඇතුළත් කරගැනීම මෙම මස තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී තෝරා ගන්නා පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශවලම දුම්රිය ස්ථාන ආශ්‍රිතව සේවයේ යෙදවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කළ බව සඳහන්.

දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ගැටලුව ද කඩිනමින් නිරාකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය කඩිනමින් යොමු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සම්බන්ධව මතුවන ගැටලු විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් සම්බන්ධව පවතින විනය පරීක්ෂණ සහ චෝදනා සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන කණ්ඩායමක සහාය ලබා ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.

ඒ, අනුව වෘත්තිය සමිති සහ කාර්ය මණ්ඩලය ලෙසත්, පරිපාලනය බාර නිලධාරීන් ලෙසත් තමන්ට පවතින ගැටලු සෑම අවස්ථාවකම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් මගී ජනතාව සහ රජය අපහසුව පත් නොකරමින් කටයුතු කිරීමට පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියා.

අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් M.M.P.K. මායාදුන්නේ , දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්, දුම්රිය නියාමක, රියදුරු, ඉංජිනේරු ඇතුළු සියලු ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26