spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ගැටලු සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

දුම්රිය දෙපාර්මේන්තු පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් අනුමැතිය ලැබී තිබෙන පරිදි බහු කාර්ය බලකායෙන් 3000ක පිරිසක් දුම්රිය සේවයට ඇතුළත් කරගැනීම මෙම මස තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී තෝරා ගන්නා පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශවලම දුම්රිය ස්ථාන ආශ්‍රිතව සේවයේ යෙදවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කළ බව සඳහන්.

දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ගැටලුව ද කඩිනමින් නිරාකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය කඩිනමින් යොමු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සම්බන්ධව මතුවන ගැටලු විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් සම්බන්ධව පවතින විනය පරීක්ෂණ සහ චෝදනා සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන කණ්ඩායමක සහාය ලබා ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.

ඒ, අනුව වෘත්තිය සමිති සහ කාර්ය මණ්ඩලය ලෙසත්, පරිපාලනය බාර නිලධාරීන් ලෙසත් තමන්ට පවතින ගැටලු සෑම අවස්ථාවකම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් මගී ජනතාව සහ රජය අපහසුව පත් නොකරමින් කටයුතු කිරීමට පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියා.

අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් M.M.P.K. මායාදුන්නේ , දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්, දුම්රිය නියාමක, රියදුරු, ඉංජිනේරු ඇතුළු සියලු ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?