AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවෙයි

යාපනය පන්නෙයි ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තා මළ සිරුර පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව යාපනය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවයි පොලිසිය පැමිණ මළසිරුර ගොඩට ගෙන ඇත්තේ.

මෙම කාන්තා මළ සිරුර භාර ගැනීමට මේ වනතුරුත් කිසිවෙක් හෝ ඉදිරිපත් වී නැහැ.

එමෙන්ම මියගිය කාන්තාව ගේ අනන්‍යතාව ද මෙතෙක් අනාවරනය වී නොමැති බවටයි පොලිසිය පැවසුවේ.

කාන්තා මළ සිරුර මුහුදේ පාවීම හා මිය යාමට හේතුව මෙකේ අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙතට යොමුකර තිබෙනවා.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?