ශ්‍රී ලන්කන් නව ගුවන් ගමන් කිහිපයක් අරඹයි

චීනය වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමගම තීරණය කර තිබෙනවා.

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟයි ලබන අප්‍රේල් පළමු සතියේ සිට වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

එහිදී චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර චීනය ප්‍රමුඛතම තැනක් ගන්නා බවයි.

නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ වීමත් සමග සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ෂැංහයි සිට කොළඹට පැමිණෙනවා.

කොළඹ සිට බීජිං දක්වා ගුවන් ගමන් ද 2023 අප්‍රේල් 3 වන දින ආරම්භ වන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි.

නැවත කොළඹ බලා පැමිණීම ඊට පසු දින සිදු කෙරෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විට කොළඹ සහ ගුවැන්ෂු අතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර දෙවන ගුවන් ගමන 2023 මාර්තු 4 වන දින හඳුන්වා දෙන බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අප්‍රේල් 4 වන දින සිට සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම කොළඹ සිට Guangzhou වෙත ගුවන් ගමන් ආරම්භ කෙරෙන අතර Guangzhou සිට කොළඹ දක්වා ආපසු ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල සිදු කෙරෙනවා.

චීන සංචාරකයින් තම සංචාරයේ අහිමි වූ කාලය පිරිමසා ගැනීමට මේ දිනවල උනන්දු වන අතර, ශ්‍රී ලංකන් සමාගම එම සංචාරකයන්ට විවේකී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි උද්යෝගය ඇති කරවීම වෙනුවෙන් එරට දේශීය සංචාරක ආයතන සමග සමීපව කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.

විශේෂයෙන් සකස් කරන ලද නිවාඩු පැකේජවලට අමතරව, ශ්‍රීලංකන් සමගම චීන පාරිභෝගිකයින්ට Alipay සහ WeChat Pay හරහා ගෙවීමේ පහසුව ද ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38