දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු ගැන පරස්පර තත්ත්වයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඒ මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ.

එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුල් වාර්තාවේ මරණයට හේතුව වශයෙන් තන්තුවකින් ගෙල “සිර කිරීමෙන්” සිදු වූ මරණයක් වශයෙන් වාර්තා කර තිබූ බවයි.

එහෙත් එම වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට හේතුව වශයෙන් තන්තුවකින් ගෙල “සිරකර ගැනීමෙන්” සිදු වූ මරණයක් වශයෙන් වාර්තා කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය පරස්පර තත්ත්වයක් බවයි කියා සිටියේ.

එමෙන්ම ආහාර සමග සයනයිඩ් නැමැති විෂ ද්‍රව්‍ය ශරීරගත වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුවද මරණකරුගේ ශරීරයේ තිබූ ලක්ෂණ පිරික්සීමේ දී ඒ පිළිබඳ නිගමනයකට ඒම ගැටලු සහගත බවත් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි පරස්පරතා සහිත වාර්තා පදනම් කරගෙන මරණකරුගේ මරණයට හේතුව අධිකරණයට නිගමනය කිරීම අපහසු වන අතර ඒ පිළිබඳව වැඩිදුර සලකා බලන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙම වෛද්‍යවරයා වෛද්‍ය සේවයේ නිරත වීම මාස 08 කට තහනම් කිරීමට පසුගිය දෙසැම්බර් මස 20 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ ඊට මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට අදාළ අවසන් පරීක්ෂණ වාර්තාව මාර්තු මස 8 වනදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකර ලෙසයි.

එම අවසන් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය තමා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16