සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ ‘සෙකන්ඩ් ෂෝ’ (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මූලික කටයුතු මේ වනවිට සැකසෙමින් පවතියි.

ඉන්දීය දමිළ ජාතික A.T. Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවී සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභි නළු අජ්මල් අමීර් පණ පොවති. 2019 වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මිවල) රූපගත කළ මෙම චිත්‍රපටය එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි. (මෙහි සිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂ තිසර ඉඹුලානගෙනි.)

‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටය හේමාල්ගේ රංගනය ඇතුළත් පළමු විදෙස් චිත්‍රපටය වන අතර එය හේමාල් සිය සිනමා ගමන්මගේ රඟපෑ 18 වැනි සිනමා නිර්මාණය වේ. තිරගතවීමට නියමිත හා නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින සිනමාපට 08 කි. 2012 වසරේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ හේමාල් රණසිංහ 2020 වසර වනවිට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම වෙනුවෙන් මෙන්ම වෙළෙඳ දැනේවීමක පෙනී සිටීම වෙනුවෙන්ද වැඩිම මිල අය කරන ශ්‍රී ලාංකේය නළුවා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05