මැණික් ඉල්ලම් රැගෙන පොලිසියත් එක්ක පළා ගිය ටිපර් රථයක් සොයා විමර්ශන

දික්ඔය දරවල ප්‍රදේශයේ සිට හැටන් දක්වා මැණික් ඉල්ලම් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කල ටිපර් රථයක් සොයා සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

පසුගිය පළමුවනදා රාත්‍රී 11.30ට පමණ කිසියම් පිරිසක් හැටන් දික්ඔය ඇළෙන් මැණික් ඉල්ලම් ගොඩගෙන මලුවලට අසුරා ප්‍රවාහනය කරන බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ.

අදාළ ටිපර් රථයට ඉල්ලම් ඇතුලත් මලු දැමීමෙන් පසු එම ටිපර් රථයේ ඉදිරිපස අසුනේ හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරී කරන පොලිස් පරික්ෂකවරයෙකු සහ උප පොලිස් පරික්ෂකවරයෙකු සිවිල් ඇඳුමින් සැරසී ටිපර් රථයේ ගමන් කරන බවට තොරතුරු ලැබී තිබුණා.

ලද තොරතුරක් මත එම ටිපර් රථය අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මෙහෙයුම සිදු කළ පොලිස් නිලධාරින් සැක සහිත ටිපර් රථය දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදී නතර කරන ලෙසට අණ කළ ද ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පොලිස් පරික්ෂකවරයෙකු සහ උප පොලිස් පරික්ෂකවරයෙකු එම රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි බවට මෙහෙයුමට එක්වූ නිලධාරීන් දැක ඒ පිළිබඳ පොලිස් පොතේ සටහනක් තබා තිබෙනවා.

නොනවත්වා ධාවනය වූ ටිපර් රථය හඹා ගොස් අත්අඩංගුවට ගැනිමට නිලධාරින් පියවර ගත්ත ද එය අතුරු මාර්ග ඔස්සේ ධාවනය කිරීම අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් වැටලීම සම්බන්ධයෙන් කළ සටහන් මත එම ටිපර් රථය අත්අඩංගුවට ගැනිම සදහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?