මැණික් ඉල්ලම් රැගෙන පොලිසියත් එක්ක පළා ගිය ටිපර් රථයක් සොයා විමර්ශන

දික්ඔය දරවල ප්‍රදේශයේ සිට හැටන් දක්වා මැණික් ඉල්ලම් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කල ටිපර් රථයක් සොයා සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

පසුගිය පළමුවනදා රාත්‍රී 11.30ට පමණ කිසියම් පිරිසක් හැටන් දික්ඔය ඇළෙන් මැණික් ඉල්ලම් ගොඩගෙන මලුවලට අසුරා ප්‍රවාහනය කරන බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ.

අදාළ ටිපර් රථයට ඉල්ලම් ඇතුලත් මලු දැමීමෙන් පසු එම ටිපර් රථයේ ඉදිරිපස අසුනේ හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරී කරන පොලිස් පරික්ෂකවරයෙකු සහ උප පොලිස් පරික්ෂකවරයෙකු සිවිල් ඇඳුමින් සැරසී ටිපර් රථයේ ගමන් කරන බවට තොරතුරු ලැබී තිබුණා.

ලද තොරතුරක් මත එම ටිපර් රථය අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මෙහෙයුම සිදු කළ පොලිස් නිලධාරින් සැක සහිත ටිපර් රථය දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදී නතර කරන ලෙසට අණ කළ ද ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පොලිස් පරික්ෂකවරයෙකු සහ උප පොලිස් පරික්ෂකවරයෙකු එම රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි බවට මෙහෙයුමට එක්වූ නිලධාරීන් දැක ඒ පිළිබඳ පොලිස් පොතේ සටහනක් තබා තිබෙනවා.

නොනවත්වා ධාවනය වූ ටිපර් රථය හඹා ගොස් අත්අඩංගුවට ගැනිමට නිලධාරින් පියවර ගත්ත ද එය අතුරු මාර්ග ඔස්සේ ධාවනය කිරීම අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් වැටලීම සම්බන්ධයෙන් කළ සටහන් මත එම ටිපර් රථය අත්අඩංගුවට ගැනිම සදහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17