AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේදී පොලිස් ක්‍රීඩා ඇඳුම් හැඳ සිටි දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු මාංචු යුගලයක් සහ ව්‍යාජ අංක තහඩු 3ක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (8) රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සිටි දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුම් පැළඳ සිටි අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හෙළිකර ගැනීමෙන් අනතුරුව මෝටර් රථය සමග පොලිස් අත්අඩංගුවට ගැණුනා.

මෙම පුද්ගලයන් නිට්ටඹුව, මුල්ලේරියාව, ගිංතොට සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 26, 27 සහ 42 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් හතරදෙනා කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගමන් කරමින් සිටියේ ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්කයි.

ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?