පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේදී පොලිස් ක්‍රීඩා ඇඳුම් හැඳ සිටි දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු මාංචු යුගලයක් සහ ව්‍යාජ අංක තහඩු 3ක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (8) රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සිටි දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුම් පැළඳ සිටි අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හෙළිකර ගැනීමෙන් අනතුරුව මෝටර් රථය සමග පොලිස් අත්අඩංගුවට ගැණුනා.

මෙම පුද්ගලයන් නිට්ටඹුව, මුල්ලේරියාව, ගිංතොට සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 26, 27 සහ 42 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් හතරදෙනා කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගමන් කරමින් සිටියේ ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්කයි.

ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52