75 වන නිදහස් දින සැමරුම් විශේෂ ආගමික වතාවත් ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුම් ආගමික වතාවත් ආරම්භ කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කර තිබූ විශේෂ පූජාවට ද ජනාධිපතිවරයා සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර ඊයේ රාත්‍රියේ වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ පැවැති 75 වන නිදහස් දින සැමරුම් පිරිත් පිංකම සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබුණේ.

පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬු වහන්සේ වැඩම කරවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැහැත් වට්ටි පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළේය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර වික්ටෝරියා වේල්ල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ආකර්ශණය දිනාගත හැකි අන්දමින් එම පරිශ්‍රය සංවර්ධනය කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ පාදෙණියේ බිහිසුණු බස් - ලොරි අනතුර
00:31
Video thumbnail
ආණ්ඩුව විනාශ කරන්න කිහිප දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..චන්ද්‍රිකාගේ මැදිහත්වීම ගැන අපිට සතුටුයි
05:15


?