75 වන නිදහස් දින සැමරුම් විශේෂ ආගමික වතාවත් ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුම් ආගමික වතාවත් ආරම්භ කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කර තිබූ විශේෂ පූජාවට ද ජනාධිපතිවරයා සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර ඊයේ රාත්‍රියේ වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ පැවැති 75 වන නිදහස් දින සැමරුම් පිරිත් පිංකම සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබුණේ.

පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬු වහන්සේ වැඩම කරවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැහැත් වට්ටි පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළේය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර වික්ටෝරියා වේල්ල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ආකර්ශණය දිනාගත හැකි අන්දමින් එම පරිශ්‍රය සංවර්ධනය කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43