Update -ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවට ආ හැටි හෙළිවෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ බව කියූ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට තිබී සොයා ගැනුණා.

මෙම මෝටර් රථය එම ගරාජය ඉදිරිපිටට රැගෙන ආ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම රථය පසුගිය 31 වනදා රාත්‍රියේ ආපදා රථයකින් අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි පරීක්ෂණ සිදුකරන පොලිසියට හෙළිව ඇත්තේ.

එය කටුනායක අධිවේගි මාර්ගයේ ජා ඇල පිටවුමේ දී කාර්මික දෝෂයකට ලක්ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය මාර්ගයේ සවිකර ඇති ආරක්‍ෂිත කැමරවල සටහන්ව තිබෙනවා.

තම ගරාජය ඉදිරිපිට මාර්ගයේ දින කිහිපයක සිට හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බවට නිරීක්ෂණය වීමෙන් පසු ගරාජයේ හිමිකරු විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.

අනතුරුව පොලිසිය එහි පැමිණ ගරාජයේ ආරක්‌ෂිත කැමරා පරීක්ෂාකර බලා ඇති අතර, ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත් පසුව මෝටර් රථය එම ස්ථානයේ තබා ඔවුන් ආපදා රථයේම නැඟී පිටව යන ආකාරයත් එම දර්ශනවල පටිගත වී තිබෙනවා.

මෝටර් රථය රැගෙන පැමිණි ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පැලවත්ත තෙමහල් නිවසක ඉහළ මාලයේ පිහිටි පිහිණුම් තටාකයේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී අදාළ ව්‍යාපාරිකයාගේ සිරුර ඊයේ (02) සොයා ගත්තා.

රොෂාන් වන්නිනායක නමැති 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කවුරුන් විසින් හෝ ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශන වලදී හැඟීයන බවයි පොලිසිය මීට පෙර සඳහන් කළේ.

මෙම අපරාධය සිදුකළ කවුරුන් හෝ ඇතැම් විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට ද සැකයක් පවතින බව ද සඳහන් කර සිටියා.

මළසිරුර සොයා ගැනීමට පෙර, ඔහු දින කිහිපයක සිට අතුරුදන් ව ඇති බවට ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශන වලදීයි ඔහුගේ සිරුර ඊයේ (02) දින මෙලෙස සොයාගනු ලැබුවේ.

සිරුර සොයාගන්නා අවස්ථාවේ දීත් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බවට හෙළිව ඇති අතර, ඔහුගේ ණය කාඩ් පත භාවිත කරමින් තායිලන්තයට ගුවන් ටිකට් පත් දෙකක් වෙන් කරවාගෙන ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව එම ණය කාඩ් පත භාවිත කරමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ දී වතුර බෝතල් දෙකක් ද මිල දී ගෙන ඇති බවට ද විමර්ශනවල දී හෙළි කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16