වගා හානි සනාථ කරන්නේ නම් වන්දි ලබාදීමට සූදානම්

වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා ගොවීන් විසින් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය විසිනුයි එම මුදල ගෙවනු ලබන්නේ.

නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6,400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම් වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකි වනවා.

ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමටයි අවස්ථාව ලබා දී ඇත්තේ.

2021 මහ කන්නයේ දී වගා හානි වූ ගොවින්ට රජය විසින් වගා හානි වන්දි යටතේ රුපියල් රුපියල් මිලියන 1570ක් මේ වනවිට ගෙවා තිබෙනවා.

වගා හානි සිදුවන බෝග වර්ග 06කට රජය විසින් අක්කරයකට රුපියල් 40,000ක් බැගින් වන්දි මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ආරම්භ කරන ලද මෙම වන්දි ක්‍රමය යටතේ වී, මිරිස්, බඩඉරිඟු, ලූනු හා අර්තාපල් හා සෝයා බෝංචි සඳහා එම මුදල් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 මහ කන්නයේ දී ගොයම් කහ පැහැතිවීම ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දෙන වන්දි මෙන්ම හානි සිදුවී ඇති සමස්ත කුඹුරු ප්‍රමාණය සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?