අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතායි මෙම නියෝගය නිකුත් කළේ.
විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙරට ජනතාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ රාජකාරි කටයුතු සඳහා විත්තිකාර අමාත්‍යවරයාට විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බවයි.
ඒ අනුව අමාත්‍යවරයා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම පෙබරවාරි මස 21දා සිට මැයි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ නඩු විභාගයට බාධාවක් නොවන ආකාරයෙන් විත්තිකරු විදේශ ගත වන්නේ නම් එම ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.
ඒ අනුව විත්තිකාර අමාත්‍යවරයාගේ ඉල්ලීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු මස 14 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.
2014 වසරේ නොවැම්බර් මස 25 දා රූපවාහිනි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා බව පවසමින් රුපියල් නව ලක්ෂ අසූ දහසක් වටිනා ජී.අයි.බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.














MAAARA JANATHA KARUNAWA. BALAGENA EHE PLANE EKEN BAHINAKOTAMA RAHATH WEYI. MUN YANNEMA HORAKAM KALA EWA HANGANNA, INVEST KARANNA, EYI ATHAREYI OYA BORU MEETING 203 THIYALA MEHE AWITH PORA TALK DEYI. WENA DEYAK HO WUNA DEYAK NAHE.