ඇමති කෙහෙළියට රට යන්න අවසර

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතායි මෙම නියෝගය නිකුත් කළේ.

විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙරට ජනතාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ රාජකාරි කටයුතු සඳහා විත්තිකාර අමාත්‍යවරයාට විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ අනුව අමාත්‍යවරයා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම පෙබරවාරි මස 21දා සිට මැයි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ නඩු විභාගයට බාධාවක් නොවන ආකාරයෙන් විත්තිකරු විදේශ ගත වන්නේ නම් එම ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.

ඒ අනුව විත්තිකාර අමාත්‍යවරයාගේ ඉල්ලීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු මස 14 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

2014 වසරේ නොවැම්බර් මස 25 දා රූපවාහිනි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා බව පවසමින් රුපියල් නව ලක්ෂ අසූ දහසක් වටිනා ජී.අයි.බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?