ඇමති කෙහෙළියට රට යන්න අවසර

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතායි මෙම නියෝගය නිකුත් කළේ.

විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙරට ජනතාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ රාජකාරි කටයුතු සඳහා විත්තිකාර අමාත්‍යවරයාට විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ අනුව අමාත්‍යවරයා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම පෙබරවාරි මස 21දා සිට මැයි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ නඩු විභාගයට බාධාවක් නොවන ආකාරයෙන් විත්තිකරු විදේශ ගත වන්නේ නම් එම ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.

ඒ අනුව විත්තිකාර අමාත්‍යවරයාගේ ඉල්ලීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු මස 14 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

2014 වසරේ නොවැම්බර් මස 25 දා රූපවාහිනි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා බව පවසමින් රුපියල් නව ලක්ෂ අසූ දහසක් වටිනා ජී.අයි.බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

  1. MAAARA JANATHA KARUNAWA. BALAGENA EHE PLANE EKEN BAHINAKOTAMA RAHATH WEYI. MUN YANNEMA HORAKAM KALA EWA HANGANNA, INVEST KARANNA, EYI ATHAREYI OYA BORU MEETING 203 THIYALA MEHE AWITH PORA TALK DEYI. WENA DEYAK HO WUNA DEYAK NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51