යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර සඳහා බිලියන 10ක්

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් පවතිනවා.

ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා මෙම රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිඟු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිළි කරනු ලැබුවා.

2023 යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ග තුනම එනම්- TSP (මඬ පොහොර) , MOP (බන්ඩි පොහොර) සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මූලික පොහොර හෙවත් මඬ පොහොර යල කන්නය ආරම්භයේ දීම සියලු වී ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර එම පොහොර නැව මෙම මස මැද දී කොළඹ වරායට ළඟාවීමට නියමිතයි.

එහි මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් අඩංගු වනවා.

මීට අමතරව බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 35,000ක පමණ අතිරික්තයක් පොහොර සමාගම් සතුව පවතිනවා.

යුරියා පොහොර ද මෙට්‍රික් ටොන් 60,000ක පමණ සංචිතයක් මෙම මස අග වනවිට පවත්වා ගනු ලබන අතර වෙන් කරන ලද රුපියල් බිලියන 10ක මුදල යටතේ මිල දී ගැනීමට නියමිත යුරියා පොහොර සමග මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

එම නිසා 2023 යල කන්නයේ දී වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පොහොර හිඟයකින් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අදාළ ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?