ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග නවසීලන්තයේ විශාලතම නගරය ලෙසට සැලකෙන ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දමා ඇති අතර ජල ගැලීම් සමඟ මාර්ග අවහිර වී නිවාස ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විපතට පත්වු ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නවසිලන්ත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබෙනවා.

මෙම ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන්.

නගරයට සාමාන්‍යයෙන් ගිම්හාන සමයේ ලැබෙන වර්ෂාපතනයෙන් 75%ක් පැය 15ක් තුළ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඕක්ලන්ඩ් හි උතුරු වෙරළේ වයිරෝ නිම්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ද සොයාගෙන තිබෙනවා.

නවසීලන්ත ආරක්ෂක බලකාය සහන සේවා සඳහා උපකාර කරන අතර පිඩාවට පත්වූවන් වෙනුවෙන් නගරය පුරා නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන පිහිටුවා තිබෙනවා.

ප්‍රධාන මාර්ග ද ගංවතුරෙන් අවහිර වීම හමුවේ මහාමාර්ගවල දිගු වාහන පෝලිම් ඇති අතර රථවාහන අනතුරු කිහිපයක් ද වාර්තා වූ බව සඳහන්.

40,000ක පමණ රසිකයින් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන ලද එල්ටන් ජෝන් ගේ ප්‍රසංගයක් ආරම්භ වීමට සියලු ක් කටයුතු සැලසුම් කර තිබියදී ආරම්භයට මොහොතකට පෙර එය අවලංගු කරන තිබෙනවා.

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම ඕක්ලන්ඩ් වෙත යාමට අපේක්ෂා කරන බවයි.

රටේ දේශගුණ විද්‍යා ආයතනය වන ජාතික ජල හා වායුගෝලීය පර්යේෂණ ආයතනය (NIWA) ප්‍රකාශ කර ඇත්තේ ඕක්ලන්ඩ් හි ස්ථාන ගණනාවක වාර්තාගත වර්ෂාවක් ලැබුණු දිනය අද බවයි.

ඉදිරි දින පහ තුළ ද නගරයේ විවිධ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14