වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට – 6කට තුවාල

මීරිගම මීගමුව මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී මීගමුව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගමන් කර විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරා, තවත් පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී එක් කාන්තාවක් මියගොස් ඇති අතර 55 හැවිරිදි ඇය කටාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය වෑන් රථය පැදවූ රියදුරාගේ මව බවටයි අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

තුවාල ලැබූ අනෙක් පිරිස ද මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46