ඌර්ණ රෝම ධාතුවක් සොරාගත් අයෙක් කළුබෝවිල දී පොලිස් අත්අඩංගුවට

බුදු පිළිමයක ඌර්ණ රෝම ධාතුව සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිසිය විසින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කළුබෝවිල, ජය සමඟි මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

කළුබෝවිල – සත්බෝධි විහාරස්ථානයේ බුදු මැදුරේ දොරකඩා ඊට ඇතුළු වී බුදු පිළිමයේ තැන්පත්කොට තිබූ රනින් නිමකළ ඌර්ණ රෝම ධාතුව සැකකරු විසින් පසුගිය 19 වනදා සොරාගෙන ගොස් තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් කොහුවල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී සැකකරු රනින් නිම කළ ග්‍රෑම් 16ක් බර ඌර්ණ රෝම ධාතුව ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් 43 හැවිරිදි වියේ පසුවන සැකකරු අද (27) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50