බිරිඳගේ විදෙස් ගමන නතර කරන්න පුතාට වස පොවලා

පොලොන්නරුව බකමූණ සරුබිම ගම්මානයේ 48 වියැති පියකු විසින් තම දොළොස් හැවිරිදි පුතාට වස පෙවීමේ සිදුවීමක් වාර්තා වනවා.

දරුවා මේ වන විට පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි බකමූණ පොලිසිය ප්‍රකාශ කළේ.

පියා හා මව අතර ඇති වූ පවුල් ආරවුලක් නිසා කලක් ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත්ව ඇති අතර අද සවස පුතු තම පියා සොයා නිවසට ගිය විට වස පොවා ඇති බව සඳහන්.

බිරිඳ ගෙන්වා ගැනීමේ අරමුණින් පුතුට වස පොවන්නට ඇති බවටයි පරික්ෂණ සිදුකරන පොලිසිය පවසන්නේ.

සැකකාර පියා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර පියා පුතුට වස පෙවීමේ ආරංචියත් සමග දරුවාගේ මව පියා ජීවත් වූ නිවසට පැමිණ තිබෙනවා.

වස පොවා සිටි දරුවා ද රෝහල් ගත කිරිමට මව පියවර ගෙන තිබෙනවා.

බිරිඳ විදේශ ගත වීමට සූදානමින් සිටීම හේතුවෙන් එය වළක්වා ගැනීමට වස පානය කරන ලෙසට පියා දරුවාට බලපෑම් කර ඇති බව ද දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී හෙළිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39