විදුලි ගාස්තු ගැන ජාතික සභාවේදී අවධානය

විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනම් අනුමැතිය දීමට හා අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට අද දින ලේඛන යොමුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනමින් අනුමැතිය ලබාදීමට සහ අතීතයට බලපාන ආකාරයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, මහජන උපයෝතා කොමිෂන් සභාවට හැකිද යන්න නීතිපතිවරයාගේ මතය විමසීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බවයි, එහි සාමාජිකයෝ, ජාතික සභාව හමුවේ කියාසිටියේ.

ඒ අනුව අද දින (25) ඊට අදාළ ලේඛන නීතිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තු වන බවද කොමිෂන් සභාවේ සාමාජිකයන් සඳහන් කර තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කෙරුණේ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්, ජාතික සභාව, ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, මේ ආකාරයෙන් අතීතයට බලපාන ලෙස 2014 වසරේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කොට ඇති බවයි.

ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි අම,අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?