දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අයකරගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහායි මෙම යෝජනා ඉදිරිපත් කෙරුණේ.

මෙම යෝජනා ඉදිරිපත් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නම් මෘදුකාංග පද්ධතිය ආරම්භ කොට ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් කොට ඇති නමුත් එය මේවන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට ‍තොරතුරු ලැබී ඇති බවයි.

පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ උක්ත පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවයි.

විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දුන්නේ 2014දී ආරම්භ කළ මෙම මෘදුකාංග පද්ධතිය 2017දී ගෙන එන ලද නව දේශීය ආදායම් පනත සමග යාවාත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි.

එමෙන්ම මෘදුකාංග පද්ධතිය නිර්මාණය කරන ලද සිංගප්පූරු සමාගම සමග එළඹ ඇති ගිවිසුමට අනුව ගිවිසුම් තොරතුරු පිටතට ලබා දීමේ ගැටළුවක් ඇති බව ඔවුන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම ගිවිසුම රජයන් දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නිසා එහි ඉදිරි කටයුතු සඳහා රජයේ මැදිහත්වීම යෝග්‍ය වනු ඇති බව ද නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා කෝපා කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමටයි යෝජනා කර ඇත්තේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එක්ව පිහිටුවීමට නියමිත කමිටුව මගින් රැමිස් (RAMIS) ගිවිසුමට අදාළ නීතිමය තත්ත්වයන් විමසා බැලීම අපේක්ෂා කෙරෙනවා.

මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පිහිටුවනු ලබන කමිටුව මගින් උක්ත මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට නියමිතයි.

අදාළ කරුණු පිළිබඳ නිගමන ඇතුළත් වාර්තා සති 06ක් ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාවය පලවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01