මාස පහක දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිතයේ සීඝ්‍ර ඉහළ යෑමක්

ඉන්දියාවේ මහ බැංකුව ලෙස ක්‍රියාකරන ඉන්දීය සංචිත බැංකුවේ විදේශ විනිමය සංචිතය  කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙනවා.

ජනවාරි 13න් අවසන් වූ සතියේ දී සංචිත ඉහළ ගොස් ඇත්තේ මාස පහක ඉහළම අගය වන ඩොලර් බිලියන 572ක් වාර්තා කරමින්.

විදේශ විනිමය සංචිතය සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ඩොලර් බිලියන 28.9 කින් ඉහළ ගිය අතර ජනවාරි 06 වැනිදා වන විට එය ඩොලර් බිලියන 561.6 ක්  බවට පත්වුණා.

දත්තවලට අනුව සංචිත මෙලෙස ඉහළ යෑමට හේතු වී තිබුණේ එක්සත් ජනපද ඩොලරයේ මූහුර්ත අගය පහළ වැටීම සහ ඉන්දීය සංචිත බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් වැඩි වශයෙන් මිලදී ගැනීමයි.

එසේම රුපියලේ විනිමය අනුපාතිකයේ අධික අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා 2022 ජූනි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලයේ දී ඉන්දීය සංචිත බැංකුව මුදල් වෙළඳපොලේ එක්සත් ජනපද ඩොලර් ශුද්ධ විකුණුම්කරුවෙකු බවට ද පත්වුණා.

2022 වසරේ අගෝස්තු මස 05 වැනිදායින් අවසන් වූ සතියේ ඉන්දියාවේ සංචිත දැක්වුණේ ඩොලර් බිලියන 572.98 ක් ලෙසයි.

මෙම සංචිතවල වැඩිවීම 2022 වසරේ දෙසැම්බර් 02 වැනිදායින් අවසන් වූ සතියෙන් පසු තියුණු මුහුණුවරක් ගෙන තිබුණු අතර විශ්ලේෂකයින්ට අනුව ඊට හේතු වී තිබුණේ දුර්වල එක්සත් ජනපද ඩොලරය හමුවේ ධනාත්මක තක්සේරු බලපෑමක් ඇති කිරීම සහ ඉන්දීය සංචිත බැංකුව විසින් ඇමරිකානු මුදල් මිලදී ගැනීම් ඉහළ යාමයි.

ජනවාරි 13 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දීය සංචිත බැංකුවේ විදේශ මුදල් වත්කම් ඩොලර් බිලියන 9.1 සිට ඩොලර් බිලියන 505.52 දක්වා ඉහළ ගොස් ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

ඉන්දීය රුපියල පෙර සතියේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.7 කින් ඉහළ යෑම ද කැපී පෙනෙනවා.

ඉන්දීය සංචිත බැංකුව සිය විදේශ විනිමය සංචිත නැවත ඉහළ නංවා ගැනීමට සමත් වන්නේ 2022 පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් බිලියන 100 ක සංචිත පහත වැටීමකින්  පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32