spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස පහක දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිතයේ සීඝ්‍ර ඉහළ යෑමක්

ඉන්දියාවේ මහ බැංකුව ලෙස ක්‍රියාකරන ඉන්දීය සංචිත බැංකුවේ විදේශ විනිමය සංචිතය  කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙනවා.

ජනවාරි 13න් අවසන් වූ සතියේ දී සංචිත ඉහළ ගොස් ඇත්තේ මාස පහක ඉහළම අගය වන ඩොලර් බිලියන 572ක් වාර්තා කරමින්.

විදේශ විනිමය සංචිතය සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ඩොලර් බිලියන 28.9 කින් ඉහළ ගිය අතර ජනවාරි 06 වැනිදා වන විට එය ඩොලර් බිලියන 561.6 ක්  බවට පත්වුණා.

දත්තවලට අනුව සංචිත මෙලෙස ඉහළ යෑමට හේතු වී තිබුණේ එක්සත් ජනපද ඩොලරයේ මූහුර්ත අගය පහළ වැටීම සහ ඉන්දීය සංචිත බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් වැඩි වශයෙන් මිලදී ගැනීමයි.

එසේම රුපියලේ විනිමය අනුපාතිකයේ අධික අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා 2022 ජූනි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලයේ දී ඉන්දීය සංචිත බැංකුව මුදල් වෙළඳපොලේ එක්සත් ජනපද ඩොලර් ශුද්ධ විකුණුම්කරුවෙකු බවට ද පත්වුණා.

2022 වසරේ අගෝස්තු මස 05 වැනිදායින් අවසන් වූ සතියේ ඉන්දියාවේ සංචිත දැක්වුණේ ඩොලර් බිලියන 572.98 ක් ලෙසයි.

මෙම සංචිතවල වැඩිවීම 2022 වසරේ දෙසැම්බර් 02 වැනිදායින් අවසන් වූ සතියෙන් පසු තියුණු මුහුණුවරක් ගෙන තිබුණු අතර විශ්ලේෂකයින්ට අනුව ඊට හේතු වී තිබුණේ දුර්වල එක්සත් ජනපද ඩොලරය හමුවේ ධනාත්මක තක්සේරු බලපෑමක් ඇති කිරීම සහ ඉන්දීය සංචිත බැංකුව විසින් ඇමරිකානු මුදල් මිලදී ගැනීම් ඉහළ යාමයි.

ජනවාරි 13 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දීය සංචිත බැංකුවේ විදේශ මුදල් වත්කම් ඩොලර් බිලියන 9.1 සිට ඩොලර් බිලියන 505.52 දක්වා ඉහළ ගොස් ඇති බවයි දත්ත පෙන්වා දෙන්නේ.

ඉන්දීය රුපියල පෙර සතියේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.7 කින් ඉහළ යෑම ද කැපී පෙනෙනවා.

ඉන්දීය සංචිත බැංකුව සිය විදේශ විනිමය සංචිත නැවත ඉහළ නංවා ගැනීමට සමත් වන්නේ 2022 පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් බිලියන 100 ක සංචිත පහත වැටීමකින්  පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?