AFC Banner
Empty Ad
Empty Ad

ජෝ බයිඩ්න්ගේ අණින් සිරියාවට ගුවන් ප්‍රහාරයක්

ඉරානයේ සහය ලබන කැරලිකාර කණ්ඩායම් මෙහිදී ඉලක්ක කරගෙන අමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

මේ අතර පසුගිය සති දෙක තුළ කලාපයේ අමෙරිකානු හමුදා වෙත ඔවුන් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

නව ජනපති ජෝ බයිඩ්න්ගේ අණින් ක්‍රියාත්මක වූ ප්‍රථම අමෙරිකානු සන්නද්ධ ප්‍රහාරය මෙයයි. පසුගියදා ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. ඉදිරියේදී එල්ල විය හැකි එවැනි ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?