පුංචි ඡන්දයට බැලට් පේපර් සැකසීමේ කටයුතු අද සිට

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද (22) දිනයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අනුවයි.

ඒ, අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා සැකසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ.

එලෙස සැලසුම් කරන ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩිනමින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂ සහ කණ්ඩායම් වල නියෝජිතයින්ට ලබන අඟහරුවාදා (24) පෙරවරුවේ එම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීම මෙහි අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20