spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට බැලට් පේපර් සැකසීමේ කටයුතු අද සිට

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අද (22) දිනයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අදාළ පළාත් පාලන ආයතන සඳහා නියමිත පරිදි නාමයෝජනා භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අනුවයි.

ඒ, අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 340 සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා සැකසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ.

එලෙස සැලසුම් කරන ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩිනමින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂ සහ කණ්ඩායම් වල නියෝජිතයින්ට ලබන අඟහරුවාදා (24) පෙරවරුවේ එම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?