පෞද්ගලික බස් රථ අනතුරකින් බස් රථයේ රියදුරා මියයයි

හික්කඩුව නගරය ආසන්නයේදී ඊයේ (21) සවස සිදුවූ බස් රථ අනතුරකින් එම බස් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

හික්කඩුව නගරය ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල නවතා තිබූ වෑන් රථයක සහ පදික කාන්තාවකගේ ද ගැටී අනතුර සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.

බස් රථයේ රියදුරා සිහිසුන්ව සිටියදී බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු වදුරඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

මරණයට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49