spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බස් රථ අනතුරකින් බස් රථයේ රියදුරා මියයයි

හික්කඩුව නගරය ආසන්නයේදී ඊයේ (21) සවස සිදුවූ බස් රථ අනතුරකින් එම බස් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

හික්කඩුව නගරය ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල නවතා තිබූ වෑන් රථයක සහ පදික කාන්තාවකගේ ද ගැටී අනතුර සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කරාපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.

බස් රථයේ රියදුරා සිහිසුන්ව සිටියදී බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු වදුරඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

මරණයට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?