තලවතුගොඩ සුපිරි ගණිකා නිවස පොලිසියෙන් වටලයි

සුරූපී කාන්තාවන්ගේ පහස විඳීමට ප්‍රභූ පැළැන්තියේ පුද්ගලයන්  රතුරුවම පැමිණෙන බව කියන තලවතුගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයක් වටලා සුරූපි කතුන් 4 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක්  තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට  අනුවයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු කර ඇත්තේ.

පොලිස් උපාය දූතයෙකු සුඛෝපභෝගී මෝටර් රථයකින් ගැනුම්කරුවකු ලෙස ගොස් එම මධ්‍යස්ථානයේ කාන්තාවක් මිලදී ගත් අවස්ථාවේදී  සැකකාර කළමනාකරු ඔහුව උණුසුම් අයුරින් පිළිගෙන ඒ තුළට රැගෙන ගොස් සුරූපී කාන්තාවන් දෙසට අත දිගු කර ඔබට කැමති කෙනෙක් නිදහසේ තෝරා ගන්න සර් යැයි ඉංග්‍රීසි බසින් පවසා ඇතැයි පොලිසිය පවසනවා.

එම මධ්‍යස්ථානයට ඇතුල්වීම සඳහා රුපියල් 6000ක මුදලකුත් කාන්තාවකගේ සේවය ලබාගැනීම සඳහා තවත් රුපියල් 6000ක මුදලක් හා ඊට එහා ගිය සේවාවක් ලබාගැනීමට අවශ්‍ය නම් අතිරේක මුදලකුත් වැය කිරීමට සිදුවන බවටයි කළමනාකරු පොලිස් උපාය දූතයාට ප්‍රකාශ කර ඇත්තේ.

පොලිස් උපාය දූතයා ලෙස එම ස්ථානයට ගිය පොලිස් නිලධාරියා ඉතා සූක්ෂම ලෙස කලින් සැලසුම් කරගත් පරිදි ජංගම දුරකථනය හරහා එම ගණිකා මධ්‍යස්ථානය ආසන්නයේ රැඳී සිටි වැටලීම් කණ්ඩායමට ලබාදුන් රහසිගත සංඥාවක් අනුව  එම ස්ථානය වැටලීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම ගණිකා මධ්‍යස්ථානය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල මනස්කාන්ත අයුරින් ආකර්ෂණීය පෙනුමකින් වායුසමීකරණය කර  සකස්කර අභ්‍යන්තරය විවිධ වර්ණයෙන් යුත් අඩ අඳුරු  විදුලි බල්බ දල්වා, ආකර්ෂණයක් ඇති වන අයුරින් සුරූපී තරුණියන් ගැනුම්කරුවන්ට තම සිතැඟි පරිදි තෝරා ගැනීමට හැකිවන ලෙස හිඳුවා තිබූ බවයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ.

කොට්ටාව ප්‍රදේශයේ දැන්වීම් ප්‍රචාරක සමාගමක හිමිකරුවකු ඔහුට අයත් ගොඩනැගිල්ලේ මෙම  ගණිකා මධ්‍යස්ථානය කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මාවතගම, මාතර, ඉබ්බාගමුව හා බුලත්සිංහල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 හා 34 අතර පසුවන සුරූපී කාන්තාවන්  කොළඹ ප්‍රධාන පෙළේ  සමාගම්වල උසස් තනතුරු දරන බව සිය නිවෙස් වලට පවසා ගණිකා වෘත්තියේ යෙදෙන බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. OKA WEGEN WADI WENAWA. NAWATHTHANAMA BARI LESA. ICE SAHA HEROIN WYAPTHA WENA WEGAYATA WADA WADI WEGAYAKIN OKA WEYI. OKATA WADI KAL YANNA KALIN RATEMA PASAL DARIYAN YOMU WENNA THIYENA DIHA BOHOMA WADHIYI. KETI KALAYAKIN LOKU MUDHALAK HOYANNA HAKI RASSA DEKAK MAMA MULIN LIYUWE. ME DEKEN MA DAWASA AWASANAYE ADHAHAGATHA NOHAKI ADHAYAMAK LABENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56