Empty Ad
AFC Banner
Empty Ad

පාපන්දු නිලවරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරී පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය තෝරාගත් නිලවරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල වරණය නීති විරෝධී යැයි සදහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කල රිට් පෙත්සමක් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දෙවන දිනටත් සලකා බැලුණා.

ඉන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළා.

කෙසේ වෙතත් නව නිලධාරි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු නියෝග කිසිවක් අධිකරණය විසින් නිකුත් කළේ නැහැ.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාල විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 03 වන දා ගොනුකරන ලෙස වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් පෙබරවාරි මස 10 ගොනු කරන ලෙසටයි පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 21 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය 14 වනදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා බාර දුන් බවත් නාම යෝජනා කමිටුව එය පිළිගත් බව ද පෙත්සම්කරු දැනුම්දී තිබෙනවා.

පසුව තමන්ට සුදුසුකම් නොමැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාරජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවයි පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිපල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?