පෙම්වතා අතින් ඝාතනය වූ ‘චතුරි’ සියල්ල හඬවා අවසන් ගමන් යයි

කොළඹ තුරඟ තරග පිටියේ දී සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව පෙරේදා (18) දහවල් ජීවිතක්ෂයට පත් වූ කොළඹ සරසවිය සිසුවියගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, ඇය ජීවත් වූ හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගල්කන්ද පොදු සුසාන භූමියේ දීයි.

ආගමික වතාවත්වලින් අනතුරු භූමිදාන කටයුතු සිදු කළ අතර, ඇයගේ අවසන් කටයුතු වෙනුවෙන් මියගිය සිසුවිය අධ්‍යාපනය හැදෑරූ කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති මෙම සිසුවිය සිය පෙම්වතා විසින් ප්‍රේම සම්බන්ධයෙක් මුල්කරගෙන තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී අමානුෂිකව ඝාතනය කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පෙම්වතා එදිනම (18) පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

  1. DAKUNE WALASMULLA, MIDDENIYA,WEERAKETIYA, THANGALLE, SURIYAWEWA, WEERAWILA, ANGUNAKOLAPELESSA, URAGAHAS MANHANDIYA, BALAPITIYA, KOSGODA, AHUNGALLE, HABARADUWA, MIRSSA, MAKANDURA, KATANA, DANKOTUWA, MINUWANGODA, BANDARAGAMA, HORANA, MOUNT LAVINIA, PANNALA WANI GAM WALIN HEMADAMA MOKAK HARI APARADHAYAK WARTHA WENAWA. POLICE POTHE NOLIYAWUNU APARADHA MONA THRAMA ATHIDHA, MINIMARUM, MANKOLLA, STHREE DUSHANA, DARUNU KAPUM KETUN, WEDI THABEEM SATHIYA PURAMA AHANNA LABENAWA. MEKA APARADHAYAK. ME RATA CHICAGO TEXAS BRAZIL WALA RIO DE JANEIRO WANI THANKATA ADHA DALA. DUKAYI APE LASSNA RATATA MEEHAMA UNATA.

  2. අවංකවම ආදරේ කරන කෙනෙක් තමාගේ ආදරය වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්න නෑ …නමුත් කෙනෙකුගේ ජීවිතය අහිමි කරන්න තරම් ඕනෑම කෙනෙක් කුරිරු විය යුතු නෑ.

  3. DAN ARUTA MANASIKA ABHADHAYAKATA TREATMENTS GANIPU NISA U GENA HARI PAWU KIYALA KIYANA EWUNA ATHI. UTA ATHI PISSUWAK NAHE. U DAWAS 4 THISSE PLAN KARALA MARANNA. PISSEKUTA EHEMA EKA KALPANAWAK SAHA EKA DEYAK WENUWEK CONCENTRATE KARANNA, PLAN KARANNA EKA DIGATA HITHANNA BAHE WAGEMA SCIENCE WALIN A/L PASS WELA CAMPUS GIHIN SCIENCE FACULTY EEK 3RD YEAR WENAKAM IGENA GANNA BAHE. MU DAN HADANNE MUTA MANASIKA LEDA THIYENAWA KIYALA MEKEN SHAPE WENNAYI. MUGE LAWYER TH EKATA FULL TRY. MEKA PISSUWAK NOWEYI. THADHA BALA WAYIRAYAKIN EYA EKKA BERINAM WENA EKEK EKKA YANNE ITHURU KARANNE NAHE KIYANA PALI GANEEME CHETHANAWEN MEKA KALEYI. KALIN GIYA THAN 3NE KAWURU HARI BALAGENA INNAWA KIYALA HITHALA RACE CORSE EKATA EKKAN GIYA EKAMA ATHI MUTA KISIMA PISSUWAK NAHE KIYALA OPPU KARANNA. MUTA NIRAWUL KALPANAWA THIBUNA NIAYI EHEMA GIYE. EYI NISA MARANA DHANDUWAMATA YATATH KALA YUTHUMAYI SAMAJAYE INNA ANITH AYAGE ARAKSHAWA PINISA. SAMAWAK NAM DENNAMA EPA.